' බ්ලූ වේල් ': කළ යුත්තේ කුමක්ද ?

Primary tabs

News
Shariff: 

' බ්ලූ වේල් ': කළ යුත්තේ කුමක්ද ?

අන්තර්ජාලය ඔස්සේ ලබා දෙන අභියෝග මාලාවක් අනුගමනය කර අවසානයේ සිය දිවි හානි කර ගැනීමට අනුබල දෙන 'බ්ලූ වේල්' නමැති අන්තර්ජාල ක්‍රීඩාවක් පිළිබඳ මේ දිනවල වාර්තා පළ වෙමින් පවතී.

 රුසියාවේ සිය දිවි නසා ගත් නව යෞවනයන් සමහරකුගේ මරණ හා ඉහත කී ක්‍රීඩාව අතර සම්බන්ධයක් පවතින බවට වාර්තා පළ වන නමුත් ඒ බව නිශ්චිතව සනාථ වී නොමැත.

 එමෙන්ම එම ක්‍රීඩාව හා සම්බන්ධ සිය දිවි නසා ගැනීම් අසල්වැසි ඉන්දියාවෙන් ද වාර්තා වන නමුත් ඒ බව මෙතෙක් සනාථ වී නොමැති බව එරට බලධාරීහු පවසති. කෙසේ

නමුත් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයෙන් කළ විමසීමක දී එහි ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ එම ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලි ලැබී නොමැති බවය.

 "විෂාදය තියන අයට අධික කේන්ති යන ස්වභාවයක් තියෙන්න පුළුවන්. නින්ද නොයා තියෙන්න පුළුවන්. දෙමව්පියන් සහ යහළුවන් සමග සමීපව සිටි අය ඈත් වෙන ස්වභාවයක් දක්නට පුළුවන්. එපා වෙච්ච කතා නිතර කියන්න පුළුවන්"විශේෂඥ මනෝ වෛද්‍ය රංජනී සෙනෙවිරත්න

 'බ්ලූ වේල්' ක්‍රීඩාවට අනුව එක් එක් පුද්ගලයන්ට දින 50 ඇතුළත අභියෝග මාලාවක් සම්පූර්ණ කිරීමට අන්තර්ජාලය ඔස්සේ ආරාධනා කරයි. ක්‍රමයෙන්

එම අභියෝගවල හානිකරභාවය වැඩි වන අතර අවසානයේ සිය දිවි හානි කර ගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ.

von: 
Thomas Mueller-Lupp